Lanka Blogger

******************** lankablogger **********************

Friday, February 6, 2009

බුදු අම්මෝ ලිනක්ස්......

බ්ලොග් එකක් ලියන්න කියල පටන් ගත්තට මොකද සෑහෙන දවසක් යනකම් මොකවත් ලියන්න බැරිවුනා මේ වැඩ නිසා. ඒත් රටේ යුද්ධය ඉවර වෙලත් මට කරන්න වෙලා තියෙන යුද්ධයට ලොකාධාරයක්වත් ගන්න හොඳම වෙලාව මේක තමයි කියල හිතුන හින්ද අද ඉඳන්වත් ‍මගේ යුද්ධෙ ගැන ලියන්නයි යන්නේ.

අපේ හමුදාව ත්‍රස්තවදීන්ගෙන් රට බේර ගනිද්දි රටේ සල්ලි තොගපිටින් රට පටවන ලයිසන් මෘදුකාංග කාරයින්ගෙන් අපේ මිනිස්සු බේරගන්න ඕන තරම් කට්ටිය ඉන්න හින්දා මට මේ යුද්ධෙ කරගෙන යන්න ලේසිවෙයි.

මමනම් ලිනක්ස් ගැන ගොඩාක් දැනුම තියෙන කෙනෙක් නෙමේ.. ඒත් අපේ අමාත්‍යාංශය ඇතුලේ දැනට පාවිච්චි කරන MS වෙනුවට උබුන්ටු පාවිච්චියට පුරුදු වෙමු කියල අපේ Boss කිව්වා. මේක තනිකරම එයාගේ අදහසක් තමයි. ලයිසන් මෘදුකාංගවලට අපි වියදම් කරන සල්ලි කාන්දරාවත් ඒවායින් අපි ගන්න වැඩ ගැනත් හිතපුවාම අනේ අපෝයි කියල හිතෙනවා . ඒක හින්දා මමත් ඉතිං බැරිමරගාතේ මේ වැඩේ කරගෙන යන‍වා. වැ‍‍ඩේ කියන්නෙ මේකෙ ඉන්න හනමිටි කාරයො ටිකට මේක තේරුම් කරන එකනෙ අමාරු. හනමිටි කාරයො කිව්වට ‍අපි වගේ නෙමෙයි බොහෝම උගත් උදවිය තමයි ඉන්නේ. හැබැයි ලිනක්ස් කිව්වොත් බුදු අම්මෝ කියල තමයි කියන්නෙ..

කොහොම වුනත් සුධීර මල්ලි ඇතුළු අපිට උදව් කරන කිපදෙනෙක් ඉන්නවා. ඒත් ඒ අයට හැම වෙලේම කරදර කරන්න බෑනෙ. ඒ හින්දා මට හිතුනා මේ පාරෙන් යන්න..

මුලින් මේ අයට මේකේ වටිනාකම තේරුම් කරල දෙන්න ඕන.. ඒ එක්කම මේ උබුන්ටු භීතිකාව නැතිකරගන්නත් ඕන. අපේ සමහර අය උබුන්ටු තියා "OS" එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑනෙ. ඒ හින්දා මේ ගැන මුල ඉඳලම පැහැදිළි වෙන විදියට මොනව හරි කරන්න ඕන.


ඒක හින්ද මේ වැඩේ හරියට කරගන්න පුළුවන් විධියට ලියවුණු ලියුම් මොනව හරි තියෙනවානම් මට තැපෑලක් දාන්න ඔබට පිං .....

මගේ තැපෑල upendrablog@gmail.com

3 comments:

ගයාන් කල්හාර said...

මොකෝ බැරි. මොනවගේ එව්වද ඕනෙ.
ඔය පරතරය අඩු කරන්න ,මම අලුතෙන් උබුන්ටු සංස්කරණයකුත් හදනව
එලකිරි අඩවියෙ ඉන්නවද ?
නැත්නම් මගේ බ්ලොග් එක පැත්තෙ එන්ට..

මුල ඉඳල උගන්වන සටහනක් මම මගේ අලුත් සංස්කරණයට එක් කලා, ඒක ඕනෙ නම් දෙන්නම් :)

Unknown said...

දැන් දැන් කට්ටිය ටික ටික open source පැත්තට එනවා. මුලින් අමාරුයි කියලා හිතුනට පස්සේ තමයි අගය තේරෙන්නේ. අපි උපරිම සහයෝගය දෙනවා. ඔහොම යං.

ශාකුන්තල | Shaakunthala said...

ශ්‍රී ලංකා මහ බැකුවේ පරිගණක වලත් දැන් පාවිච්චි කරන්නේ OpenOffice. මට කිව්වේ මහ බැංකුවේ රාජකාරි කරන මිත්‍රයෙක්.