Lanka Blogger

******************** lankablogger **********************

Tuesday, September 7, 2010

පැන්ඩා වෙනුවෙන් අපි...

වඳවී යාමට ඔන්න මෙන්න කියා සිටින මේ සොඳුරු සත්ත්වයා ඉන් බේරා මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කිරීම සඳහා චීන රජය පියවර රැසක් ගෙන ඇත. යෝධ පැන්ඩාවන් සංරක්‍ෂණය කිරීම සඳහා වන පෙත් වෙන් කෙරුණු අතර උන් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනයක් ද සිදු කෙරින. එම අධ්‍යයනය ප්‍රයෝජනයට ගෙන ගන්නා ලද පියවර නිසා අදවන විට චීනයේ යෝධ පැන්ඩා ගහණය වර්ධනය වෙමින් පැවතීම වන සත්ත්ව ලෝලීන් ගේ සතුටට කරුණකි.

ජාත්‍යන්තර ප්‍රජාවගේද සහාය ඇතිව මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම සඳහා "Project Panda" නම් ව්‍යාපෘතිය මගින් එම ව්‍යපෘතියට සම්බන්ධ වීම සඳහා කැඳවන ලද අයදුම් පත් 30,000 ක් අතරින් 60 දෙනෙකු තෝරා ගෙන ඇති අතර ඡන්ද විමසීමක් මඟින් මෙයින් 12 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය. මෙම 60 දෙනා අතරට ශ්‍රී ලාංකිකයෙකු ඇතුලත් වී සිටීම අපට සතුටකි.


මෙම 60 දෙනා අතරට ඇතුලත් වී ඇති ඉරුෂිණී රුවන්ති වෙදගේ මෙනවියට අවසන් 12 දෙනා අතරට ඇතුලත් වීම සඳහා ඔබගේ ඡන්දය ඇයට ලබා දෙන්නේ නම් ශ්‍රී ලාංකිකයෙකු මෙම වැඩ සටහනට ඇතුලත් කීරීමට ඔබටත් දායක විය හැක.

ඡන්දය ලබා දීම සඳහා පහත Link එක click කරන්න


http://www.pandahome.com/en/60players_detail.php?id=20

No comments: